27.3 C
Colombo
Tuesday, August 26, 2025

චීන සහන කණ්ඩායම් මියන්මාරයේ භූමිකම්පා සුන්බුන් අතර සිරවී සිටි තවත් 4 දෙනෙකු බේරා ගැනීමට සමත් වෙති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන සහන කණ්ඩායම් මියන්මාරයේ භූමිකම්පා සුන්බුන් අතර සිරවී සිටි තවත් සිව් දෙනෙකු බේරා ගැනීමට සමත් වෙති.

එම භූකම්පනයෙන් වැඩිම හානි සිදුවූ  Mandalay නගරයට ළඟාවූ චීන ජාතික ආපදා සහන කණ්ඩායම ඊයේ(30) සවස සිය මෙහෙයුම් ආරම්භ කළේය. පැය 5ක ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් පසු හෝටලයක සුන්බුන් අතර සිරව සිටි කාන්තාවක බේරා ගැනීමට එම කණ්ඩායම සමත් විය. ඇය පැය 60ක පමණ කාලයක් සුන්බුන් අතර සිරව සිටි‍යාය. චීන ජාතික සහන කණ්ඩායම විසින් Mandalay ප්‍ර‍දේශයේ සුන්බුන් අතරින් බේරා ගනු ලැබූ ප්‍රථමයා ද ඇයයි.

ඒ අතරම චීන ජාතික සහන කණ්ඩායම හා චීනයේ RAMUNION සහන කණ්ඩායම එක්ව අද(31) අලුයම එම නගරයේ නේවාසික ගොඩනැගිල්ලක සුන්බුන් අතර පැය 60ක පමණ කාලයක් සිරව සිටි ළදරුවෙකු සහ ගැබිණි කාන්තාවක මුදා ගැනීමට සමත් වූහ. එමෙන්ම පැය 65ක පමණ කාලයක් එහි සිරව සිටි 29හැවිරිදි තරුණියක මුදා ගැනීමට ද එම කණ්ඩායම සමත්විය.

මේ අතර චීන රජය මියන්මාරය වෙත ලබා දෙන ප්‍රථම සහනාධාර තොගය අද දහවල් එරට Yangon නගරයට ළඟා වනු ඇතැයි වාර්තා වෙයි.

ඊයේ(30) දක්වා, මියන්මාරයේ ප්‍රබල භූකම්පනයෙන්  මියගිය සංඛ්‍යාව1700කි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here