31.7 C
Colombo
Wednesday, February 25, 2026

චීන-වෙනිසියුලානු සහයෝගීතාවන්ට ජාත්‍යන්තර සහ දෙරටේ නීතියෙන් ආරක්ෂාවක් පවතින බව චීනය කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන-වෙනිසියුලානු සහයෝගීතාව ජාත්‍යන්තර සහ දෙරටේ නීති මගින් ආරක්ෂා කෙරේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(5) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. චීනය හා වෙනිසියුලාව අතර පවතින ඛනිජ තෙල් සහයෝගිතා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම ස්ථාවරය පැහැදිලි කර ඇත.

චීනය හා වෙනිසියුලාව අතර පවතින සහයෝගිතා යනු ස්වාධිපාත්‍ය හිමි රජයන් අතර සහයෝගිතාවන් වේ. එය ජාත්‍යන්තර නීතියෙන් සහ දෙරටේ නීතියෙන් ආරක්ෂාවී ඇත. වෙනිසියුලානු දේශපාලන තත්ත්වයේ වෙනස්කම් කෙසේවූවද ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව තහවුරු කිරීමේ චීනයේ අපේක්ෂාව වෙනස් නොවන අතර, වෙනිසියුලාව තුළ චීනය සතු නීත්‍යනුකූල අයිතිවාසිකම් නීත්‍යනුකූලව ආරක්ෂා කෙරෙනු ඇතැයිද Lin Jian මහතා එහිදී අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here