26.3 C
Colombo
Thursday, August 21, 2025

චීන-වියට්නාම ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා වූ චීන-වියට්නාම මෙහෙයුම් කමිටුවේ 16 වැනි රැස්වීම ඊයේ(10) බෙයිජිං හි දී පැවැත්විණ. ඒ චීන විදේශ අමාත්‍ය Wang Yi සහ වියට්නාමයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Bui Thanh Son යන මහත්වරුන්ගේ සම-සභාපතිත්වයෙනි.

එහිදී චීන විදේශ අමාත්‍යවරයා පැවසුවේ හවුල් අනාගතයක් සමග චීන-වියට්නාම් ප්‍රජාව ගොඩනැගීම සහ සමාජවාදී ක්‍රමය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් පක්ෂ දෙකේ සහ රටවල ඉහළ පෙළේ නායකයින් වැදගත් එකඟතාවයකට පැමිණ ඇති බවයි.‍

එළඹෙන වසරේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සහ චීන-වියට්නාම ජනතාව අතර හුවමාරු සබඳතා වසර සමරනු ලබයි. එබැවින් චීනය වියට්නාමය සමග එක්ව මීළඟ අදියරේ සහයෝගීතාව සඳහා වන සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කරන බව Wang Yi මහතා පැවසීය.

කිසිදු බාධාවකින් තොරව දේශසීමා හරහා කාර්මික සහ සැපයුම් දාමයක් දෙරට නිර්මාණය කර ගත යුතු ය. එමෙන්ම නැගී එන ප්‍රදේශවල සහයෝගීතාව ශක්තිමත් කර, දෙපාර්ශ්වයේ ජනතාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කරමින් රටවල් දෙක අතර ගුවන් ගමන් විවෘත කිරීමට ද සහාය විය යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය

අඛණ්ඩව ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගනිමින් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය අවස්ථාවක් කර ගැනීමට කැමැත්තෙන් සිටින බව Bui Thanh Son මහතා එහිදී පැවසීය. ආර්ථිකය සහ වෙළඳාමයටිතල පහසුකම්කෘෂිකර්මාන්තයසංස්කෘතිය සහ දේශීය කටයුතු සම්බන්ධයෙන් චීනය සමග අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතාව ශක්තිමත් කර ගත යුතු ය. එමෙන්ම බහුපාර්ශ්වික කටයුතුවලදී සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට වියට්නාමය අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

මේ අතර රාජ්‍යතාන්ත්‍රිකභාවයආරක්ෂාව සහ මහජන ආරක්ෂාව පිළිබඳ “3+3″ උපායමාර්ගික සංවාද යාන්ත්‍රණයේ පළමු රැස්වීම පසුගිය 09 වනදා පැවැත්විණ. එමෙන්ම දෙරට සීමා මායිම් නිර්ණය කිරීමේ 25 වැනි සංවත්සරය සහ චීන-වියට්නාම භූමි සීමා නිර්ණය කිරීම සහ ඊට අදාළ ගොඩබිම් වරාය කළමනාකරණය පිළිබඳ නීතිමය ලියකියවිලි තුනට අත්සන් තැබීමේ 15 වැනි සංවත්සරය සැමරීමේ උත්සවවලට ද විදේශ අමාත්‍යවරුන් දෙපළ සහභාගී වී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here