චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති Luong Cong මහතා හමු වෙයි. අද(4) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී එම හමුව සිදු විය. ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධය සහ ලෝක පැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ සංවත්සර උත්සවයට සහභාගි වීම සඳහා Luong Cong මහතා චීනයට පැමිණ සිටී.
සමාජවාදී අසල්වැසි රටවල් දෙකක් වන චීනය හා වියට්නාමය ඉතිහාසය පොදුවේ සිහිපත් කරමින් දෙවැනි ලෝක යුද්ධයෙන් ජය ගැනීමේ ප්‍රතිඵල ආරක්ෂා කොට ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය අඛණ්ඩව පවත්වා ගත යුතු බව බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
වියට්නාමයේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන සමාජවාදී මාවතක් අනුගමනය කිරීමට චීනය සහාය දක්වයි. වියට්නාමය සමඟ පක්ෂ හා රට පාලන අත්දැකීම් හුවමාරු තහවුරු කිරීමට ද චීනය කැමැත්තෙන් සිටී. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සර සැමරුම සහ ‘චීන-වියට්නාම මානව හා සංස්කෘතික හුවමාරු වසර’ යනාදී ක්‍රියාකාරකම් මාලාවක් සාර්ථකව පැවැත්වීම සඳහා වියට්නාමය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද ෂී ජින් පිං මහතා කියා සිටියේය.
ඒකපාර්ශ්වවාදයේ අභියෝගය හමුවේ දෙපාර්ශ්වයම ගෝලීය පාලනය පිළිබඳ සහයෝගිතා ශක්තිමත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
චීනය ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධය ජයගැනීම පිළිබඳ සැමරුම සහ ෂැංහයි සහයෝගිතා සංවිධාන නායක සමුළුව සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් Luong Cong මහතා එහිදී සුබ පැතුම් පිරිනමා ඇත.
චීනය සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීමට වියට්නාම රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙන බව Luong Cong මහතා පෙන්වා දුන්නේය. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් ආර්ථික හා වෙළඳ, යටිතල පහසුකම් සහ විද්‍යා හා තාක්ෂණ යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට වියට්නාමය අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.