චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ අධ්‍යක්ෂ වැන්ග් යී මහතා සහ ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ සහයෝගීතාව පිළිබඳව කසක්ස්ථාන ජනාධිපතිවරයාගේ සහකාර Murat Nurtleu මහතා අතර හමුවක් ඊයේ(13) පැවැත්විණ.
උසස් තත්ත්වයේ “එක් තීරයක් එක් මාවතක්” සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, බලශක්තිය, හරිත පතල් කැණීම් සහ සම්බන්ධතාවය වැනි පවතින ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට චීනය කසක්ස්ථානය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව වැන්ග් යී මහතා පැවසීය.
දෙරට අතර න්‍යෂ්ටික බලශක්තිය, කෘත්‍රිම බුද්ධිය ඇතුළු සහයෝගීතාව සඳහා නව ක්ෂේත්‍ර ගවේශනය කිරීමට ද චීනය අපේක්ෂා කරයි. එමඟින් චීන-කසක්ස්ථාන ස්ථිර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය එකාබද්ධව නව තලයකට ගෙන යා හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය නායකයින් දෙදෙනා අතර ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට සහ දෙරට අතර ස්ථිර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයේ තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට චීනය සමග කටයුතු කිරීමට කසකස්ථානයේ ඇති කැමැත්ත Murat Nurtleu මහතා එහි දී ප්‍රකාශ කර ඇත.

