25 C
Colombo
Sunday, October 5, 2025

චීන විදේශ ඇමතිවරයා හා දකුණු කොරියානු විදේශ ඇමතිවරයා අතර සාකච්ඡාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන විදේශ ඇමතිවරයා දකුණු කොරියානු විදේශ ඇමතිවරයා සමග සාකච්ඡාවක් පවත්වයි.‍ බෙයිජිංහිදී පැවති මෙම සාකච්ඡාවේදී චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සඳහන් කළේ යහපත් අසල්වැසියන් හා නිර්ව්‍යාජ උපායමාර්ගික හවුල්කරුවන් ගේ දිශාවේ දෙරට රැඳී සිටිය යුතු බවයි. දකුණු කොරියාව සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අඛණ්ඩ මෙන්ම පැහැදිලිය. දෙරටෙ සංවේදී කරුණු මනා ලෙස හසුරුවමින් හෘදයාංගමව අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් සහයෝගතා ගැඹුරු කර පොදු ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගත යුතු බව ද චීන වි‍දේශ ඇමතිවරයා සඳහන් කළේය. එක්සත් ජාතීන් කේන්ද්‍ර කරගත් මධ්‍යගත ජාත්‍යන්තර පද්ධතිය හා දෙවන ලෝක යුධ ජයග්‍රහනයෙන් පසු කාලීන පටිපාටිය ආරක්ෂා කර ගැනීමට දකුණු කොරියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව ක්‍රියා කිරීමට චීනය කැමති බවද හෙතෙම පැවසීය.

එහිදී අදහස් දැක්වූ දකුණු කොරියානු විදේශ ඇමතිවරයා පැවසුවේ චීනය සමග ඉහළ මට්ටමේ හුවමාරු තවදුරටත් ශක්තිමත් කිරීමට දකුණු කොරියාව කැමැත්තෙන් සිටින බවයි. දකුණු‍ කොරියා චීන සහ දකුණු‍ කොරියා-චීන-ජපාන නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා වේගවත් කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here