26.4 C
Colombo
Thursday, August 21, 2025

චීන විදේශ ඇමතිවරයා හා ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික කොමිසමේ නියෝජිත පිරිසක් අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන විදේශ ඇමති වං යී මහතා ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික කොමිසමේ නියෝජිත පිරිසක් හමු වෙයි. ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික කොමිසමේ සභාපතිනි, ප්‍රධාන විධායක නිලධාරිනි Susan Elliott මහත්මිය එහි ප්‍රධානත්වය දරයි. එම හමුව ඊයේ (3) බෙයිජිං හිදී පැවැත්විණ.

ඇමරිකාවේ දේශීය තත්ත්වය කවරක් වුව ද අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය යන මූලධර්ම පදනම් කරගෙන චීන-ඇමරිකානු සම්බන්ධතා හසුරුවන බව වං යී මහතා එහිදී කියා සිටියේ ය. ද්විපාර්ශ්වික සබඳතාවයේ ඉදිරි දිශානතිය තීරණය වන්නේ දෙපාර්ශ්වයන්ගේ උත්සාහයන් විශේෂයෙන් ඇමරිකාවේ ආකල්පය මත බව ඔහු පෙන්වා දෙයි. ඒ සඳහා ඇමරිකාව චීනය සමග එක්ව පිළිපැදිය යුතු ප්‍රතිපත්ති රැසක් පිළිබඳ චීන විදේශ ඇමතිවරයා සඳහන් කර ඇත.එම ප්‍රතිපත්ති වන්නේ චීන-ඇමරිකානු සම්බන්ධතා ස්ථාවර කිරීම, එම සම්බන්ධතා පිළිබඳ නිවැරදි උපාය මාර්ගයක් අනුගමනය කිරීම , සංවාද හා සම්බන්ධීකරණය පවත්වාගෙන යාම, සීමාව ඉක්මවා නොයාම සහ මානව හා සංස්කෘතික හුවමාරු බැහැර නොකිරීම ය.ඇමරිකානු නව රජය පත්වීමේ දී ඇමරිකාව සහ චීනය ඵලදායී සන්නිවේදනයක් පවත්වාගෙන යමින් ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමරිකානු පාර්ශ්වය එහිදී පවසා තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here