26.4 C
Colombo
Thursday, August 21, 2025

චීන විදේශ ඇමතිවරයා සහ කාම්බෝජ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන විදේශ ඇමති වන්ග් යී මහතා කාම්බෝජ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, විදේශ අමාත්‍ය හා කාම්බෝජ මහජන පක්ෂයේ විදේශ සබඳතා පිළිබඳ කොමිසමේ සභාපති ප්‍රාක් සොක්හොන් මහතා හමුවෙයි.

දෙරටේ නායකයන්ගේ උපායමාර්ගික මාර්ගෝපදේශ යටතේ චීනය හා කාම්බෝජය අතර මිත්‍රත්වය ජාත්‍යන්තර වෙනස්වීම් හමුවේ පරීක්ෂාවට ලක්ව ඇති මිත්‍ර සබඳතාවක් බව චීන විදේශ ඇමතිවරයා එහිදී පැවසීය. දෙ‍රටේ ශක්තිමත් මිත්‍රත්වය නව අදියරකට ප්‍රවේශ වී ඇතැයි ද හෙතෙම කීය. කාම්බෝජය සමග ඉහළ මට්ටමේ සබඳතා වර්ධනය, නව යුගයේ හවුල් අනාගතයක් සහිත චීන කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැංවීම, අභියෝග හා අවදානම්ලට මුහුණදීමට ඉහළ මට්ටමේ උපාය මාර්ගික සම්බන්ධීකරණ වර්ධනය මෙන්ම දෙරටේ කේන්ද්‍රීය හිමිකම් හා අභිලාෂයන් ආරක්ෂා කිරීම සහ කලාපීය  සාමය හා ස්ථාවරභාවය ප්‍රවර්ධනයට කාම්බෝජය සමග ක්‍රියා කිරීමට චීනය අපේක්ෂා කරන බවද වන්ග් යී මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ කාම්බෝජ නියෝජ්‍ය අගමැතිවරයා චීනය සමග පවතින මිත්‍ර සබඳතා ඉදිරියට ගෙනයාමට ප්‍රතිඥා දුන් අතර දේශපාලන අ‍න්‍යෝන්‍ය විශ්වාසය සංවර්ධනය කරමින් ප්‍රයෝගික සහයෝගත ප්‍රවර්ධනය කර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකරණ ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බවද පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here