26.4 C
Colombo
Thursday, August 21, 2025

චීන විදේශ ඇමතිවරයා ඉහළ පෙළේ හමුවීම් කිහිපයකට එක්වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික විදේශ ඇමති වං යී මහතා බෙයිජිංහිදී මෝල්ටා උප අගමැති Ian Borg, ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක Jonathan Powell හා ඉන්දීය විදේශ ඇමති Subrahmanyam Jaishankar යන මහත්වරුන් වෙන් වෙන් ව හමුවෙයි.

මෝල්ටා උප අගමැති Ian Borg මහතා සමග ඊයේ(14) පැවති එම හමුවේදී වං යී මහතා පැවසුවේ මෝල්ටාව දිගුකාලීනව චීනය සමග පවත්වන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ප්‍රමුඛ ස්ථානයේ තැබීම පිළිබඳව චීනය ප්‍රශංසා පළ කරන බවයි. මෝල්ටාව සමග කේන්ද්‍රීය ප්‍රතිලාභ හා වැදගත් ප්‍රශ්න පිළිබඳ ප්‍රතිඥා ආරක්ෂා කරමින් අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගිතා ගැඹුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වං යී මහතා කීය.

එකම චීනය ප්‍රතිපත්තිය මෝල්ටාව දැඩි ලෙස අනුගමනය කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සක්‍රීය ලෙස එක් වෙමින් යුරෝප-චීන සබඳතාව ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩව සක්‍රීය කාර්යභාරය ඉටු කිරීමට මෝල්ටාව කැමැත්තෙන් සිටින බව ද Ian Borg මහතා එහිදි කියා සිටියේය.මේ අතර දෙරට නායකයන්ගේ ප්‍රමුඛත්වයෙන් චීන බ්‍රිතාන්‍ය සබඳතාව යහපත් සංවර්ධන මාර්ගයේ ගමන් කරන අතර එය දෙරට ජනතාවගේ අපේක්ෂාවට හා සංවර්ධන ප්‍රවණතාවට ගැළපෙන බව ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක Jonathan Powell මහතා හමුවූ අවස්ථාවේදී වං යී මහතා පැවසීය. බ්‍රිතාන්‍යය සමග උපායමාර්ගික සංවාද හා සහයෝගිතා ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සබඳතාවේ අන්තර්ගතයන් තවදුටරත් වර්ධනයට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා ප්‍රකාශ කළේය. චීනය සමග ස්ථීර, ප්‍රායෝගික මෙන්ම දිගුකාලීන හවුල්කාරී සබඳතාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට බ්‍රිතාන්‍යය අපේක්ෂා කරන බව Jonathan Powell මහතා එහිදී පෙන්වා දුන්නේය.

ඉන්දීය විදේශ ඇමති Subrahmanyam Jaishankar මහතා සමග පැවති හමුවේදී වං යී මහතා පැවසුවේ චීන ඉන්දියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 75 වැනි සංවත්සරය මෙම වසරට යෙදෙන අතර දෙරටේ සබඳතාව යහපත් සංවර්ධන ප්‍රවණතාවේ පවතින බවයි. ඉන්දියාව සමග සමානාත්මතාව හා විධිමත් බව සහිත බහුධ්‍රැවීය ලෝකය, පොදු වාසි හා වෙනස්කම් පිළිගැනීම සහිත ‍ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කරමින් “ගෝලීය දකුණේ” පොදු ප්‍රතිලාභ තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා අවධාරණය කළේය.

බහුපාර්ශ්වික ක්ෂේත්‍රවල සම්බන්ධීකරණය හා සහයෝගිතා ශක්තිමත් කරමින් ශංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපති රට ලෙස චීනයට අදාළ සමුළුව සාර්ථකව පැවැත්වීමට ඉන්දියාව උපරිම සහාය ලබා දෙන බව Subrahmanyam Jaishankar මහතා එහිදී කීය.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here