25 C
Colombo
Sunday, October 5, 2025

චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු කොංග්‍රස් නියෝජිත පිරිසක් අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකානු නියෝජිත ඇඩම් ස්මිත් මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල නියෝජිත පිරිසක් ඊයේ (23) බෙයිජිංහි දී චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා හමුව ඇත.

සන්නිවේදනය ශක්තිමත් කරමින් චීන-ඇමරිකා සබඳතාවන් හි ස්ථාවර මෙන්ම තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අවංක, ගැඹුරු අදහස් හුවමාරුවක් පැවැත්වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වන්ග් යී මහතා සඳහන් කළේ, මෙය 2019 වසරෙන් පසු චීනයට පැමිණි එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමු නියෝජිත පිරිස සනිටුහන් කිරීමක් බවයි.

එමෙන්ම මෙම සංචාරය ඇමරිකාවට, චීනය පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට මෙන්ම මිත්‍රශීලී බව සහ සහයෝගීතාව ක්‍රියාකාරීව ගවේෂණය කිරීමට ඩවාත් උපකාරී වනු ඇතැයි ද  ඔහු බලාපොරොත්තු පළ කළේය.

තවද, රාජ්‍ය නායකයාගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය, චීන-ඇමරිකා සබඳතාවන් හි අත්‍යවශ්‍ය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවත් චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර මේ වනවිට පවත්වා තිබෙන දුරකථන සාකච්ඡා තුළින් ලබා ගත්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන් හි ස්ථාවරත්වය, දුෂ්කර උත්සාහයකින් දිනා ගනු ලැබූවක් වන බැවින් එය අගය කළ යුතු බව හෙතෙම මෙහිදී පැවසීය.

එමෙන්ම චීනයත් ඇමරිකාවත් ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් බවත්, නිසැකවම සතුරන් නොවන බවත් වන්ග් යී මහතා මෙහිදී අවධාරණය කළේය.

සන්නිවේදනය සහ සංවාදය ශක්තිමත් කිරීම, වැරදි වැටහීම් සහ වැරදි විනිශ්චයන් වළක්වා ගැනීම, ගැටුම් සහ විරුද්ධත්වය වැළැක්වීම, අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම යනාදිය සමඟින් ප්‍රධාන බලවතුන්ගේ වගකීම් ඒකාබද්ධව භාර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

තවද, තායිවාන ගැටලුව, චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බව අවධාරණය කළ චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ, පුරාතනයේ සිටම චීනයේ ප්‍රධාන ගොඩබිම සහ තායිවානය එකම චීනයට අයත් වීම තායිවාන සමුද්‍ර සන්ධියේ සැබෑ තත්ත්වය බවය.

එමෙන්ම එකම චීනය මූලධර්මයට අනුව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන්, තායිවාන ස්වාධීනත්වයට දැඩි ලෙස විරුද්ධ වීම අත්‍යවශ්‍ය බව ද චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here