25.6 C
Colombo
Thursday, February 26, 2026

චීන ව්‍යාපාරයන්ට එරෙහිව බාධා ‍කිරීම්වලින් වළකින ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ව්‍යාපාර සඳහා සාධාරණ, විනිවිද පෙනෙන සහ වෙනස් ලෙසට නොසලකන ව්‍යාපාරික පරිසරයක් සකසන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ අද(11) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.

ඇතැම් රටවල් විසින් චීන විදුලි සංදේශ සමාගම්වල උසස් තත්ත්වයේ සහ ආරක්ෂිත උපකරණ බලහත්කාරයෙන් ඉවත් කිරීම පිළිබඳව එහිදී වාර්තාකරුවෙක් ප්‍රශ්නයක් මතු කළේය. ඊ‍ට පිලිතුරු වශයෙන් ලින් ජියන් මහතා චීන රජයේ ස්ථාවරය පැහැදිලි කළේය.

එම රටවල ක්‍රියාවන්, ඔවුන්ගේ තාක්ෂණික සංවර්ධනයට බාධාවක් පමණක් නොව විශාල ආර්ථික අලාභයන්ට ද හේතුවී ඇත. වෙළඳ හා ආර්ථික ගැටළු, දේශපාලනීකරණය කිරීම තාක්ෂණික ප්‍රගතියට සහ ආර්ථික සංවර්ධනයට බාධාවක් වන අතර අවසානයේ දෙපාර්ශවයටම හානි ගෙන දෙයි. යුරෝපයේ ආයෝජනය කිරීම කෙරෙහි චීන සමාගම්වල පවතින විශ්වාසයට හානි නොකිරීම සඳහා ඔවුන්ට සාධාරණ, විනිවිද පෙනෙන සහ වෙනස් ලෙසට නොසලකන ව්‍යාපාරික පරිසරයක් සැකසිය යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here