14 වන පස් අවුරුදු සැලසුම් සමය තුළ, චීනය රේගු නිෂ්කාශන පහසුකම්කරණයේ නව ජයග්‍රහණ අත්කර ගනිමින් අලුත් ප්‍රවේශයකට පැමිණ ඇතැයි චීන රේගු මහ පරිපාලන අධිකාරිය පවසයි. “14 වන පස් අවුරුදු සැලැස්ම” අධි ගුණයෙන් අවසන් කිරීම පිළිබඳ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණ.
එම කාලය ඇතුළත, චීනය ප්‍රවේශ කවුළු 40ක් විවෘත කර ඇති අතර එමගින් එහි මුළු සංඛ්‍යාව 311 දක්වා වැඩි වී තිබේ. මූලික වශයෙන් ගොඩබිම, මුහුද සහ ගුවන් මාර්ග සම්බන්ධ වන නැගෙනහිර, මධ්‍යම සහ බටහිර යන සියලු අංශ ඇතුළත් වන ත්‍රිමාණ ජාලයක් බිහි කර ඇත. එපමණක් නොව, ඒකාබද්ධ බන්ධිත කලාප ඇතුළු විශේෂ රේගු අධීක්ෂණ ප්‍රදේශ, විවෘතභාවය සඳහා වන නව ප්‍රවේශ බවට පත්ව තිබේ. එහි භූමි ප්‍රමාණය සමස්ත චීන දේශ භූමියෙන් විසි දහසකින් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් වුවද, රටේ මුළු ආනයන සහ අපනයන වටිනාකමෙන් පහෙන් එකකට දායක වීම තවත් විශේෂත්වයකි.