චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා හමුවෙයි. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවති G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුර ඊයේ (20) මෙම හමුව සිදුවිය.
රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සහ නව වසරේදී චීන-රුසියානු සබඳතා ඉදිරියට ගෙන යාමට රුසියාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා එහිදී පැවසීය. මෙම වසර ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරයි. චීන-රුසියා උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම සමාන හා විධිමත් බහුධ්‍රැවීය ලෝකයක් සහ සහභාගීත්ව ආර්ථික ගෝලීයකරණයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා “80 වන සංවත්සරය” ඒකාබද්ධව සැමරීමේ අවස්ථාව දෙපාර්ශ්වය විසින් ලබා ගත යුතු බව ඔහු පැවසීය.