26.9 C
Colombo
Monday, August 25, 2025

චීන-රුසියානු මානව සංස්කෘතික හුවමාරු උත්සවය මොස්කව් හිදී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනතාවගේ, ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධය හා සෝවියට් සංගමයේ මහා දේශප්‍රේමී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කෙරුණ චීන-රුසියානු මානව සංස්කෘතික හුවමාරු උත්සවය පැවැත්වෙයි. එය ඊයේ(07) රුසියාවේ මොස්කව් නුවර දී පැවැත්වූයේ චීන මාධ්‍ය සමූහය හා රුසියානු ජාතික රූපවාහිනී හා ගුවන්විදුලි සමාගම විසිනි. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා විසින් එම උත්සවයට යොමු කරන ලද සුබ පැතුම් පණිවිඩ ප්‍රකාශයට පත් කෙරිණ.චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී පැවසුවේ දෙරටේ රාජ්‍ය නායකයන් යොමු කර ඇති පණිවිඩ ඔස්සේ චීන මාධ්‍ය සමූහය, රුසියානු ජාතික රූපවාහිනී හා ගුවන්විදුලි සමාගම සහ දෙරට මාධ්‍යවේදීන්, චීන-රුසියානු මිත්‍රත්වය මෙන්ම අදහස් හුවමාරු කිරීමට ලබා දුන් දායකත්වය ප්‍රශංසාවට ලක් කර ඇති බවයි.වත්මන් ලෝකයේ විශාලතම පරිමාණයකින් යුත් පුළුල් ම විකාශන වපසරියක් සහිත විස්තීර්ණ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය ලෙස චීන මාධ්‍ය සමූහය ගුණාත්මක ආකෘතීන් හරහා දෙරට ජනතාවගේ සබැඳියාව තහවුරු කරමින් නව යුගයේ චීන-රුසියා පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාමට ක්‍රියා කිරීමට සූදානම් බව ද එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.එසේ ම, 2025 වසරේ රුසියාවේ පැවැත්වීමට නියමිත ‘චීන සිනමා උළෙල’ඇරඹුම ද එහි දී සිදු කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here