පසුගිය 5 වැනිදා කැනඩාවේ Alberta පළාතේ Edmonton නගරයේ අයිස් හොකී ක්‍රීඩාංගනයේදී චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරක වීඩියෝව ප්‍රදර්ශනය කෙරිණ. ඒ කැනඩාවේ පුහුණුව ලබමින් සිටින චීන ජාතික පිරිමි අයිස් හොකී කණ්ඩායම, Alberta විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ Concordia විශ්වවිද්‍යාල Thunder කණ්ඩායම සමග සුහද හොකී තරගයක් පැවැත්වූ අවස්ථාවේදීය.
Concordia විශ්වවිද්‍යාලයේ කුලපති, ගුරු සිසුන් පිරිස, Calgary හි චීන කොන්සල් ජෙනරාල්වරයා හා කාර්ය මණ්ඩලය මෙන්ම විදෙස්ගත චීන ජාතිකයන් ඇතුළු ප්‍රේක්ෂකයින් 500ක පමණ පිරිසක් එම තරගය නැරඹූහ.

