27.7 C
Colombo
Friday, August 22, 2025

චීන මාධ්‍ය සමූහයේ මානව හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් ඇමරිකාවේ Washington හිදී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මාධ්‍ය සමූහයේ “සාමයේ ප්‍රතිරාවය” නමැති මානව හා සංස්කෘතික හුවමාරු වැඩසටහන (20) ද‍ා ඇමරිකාවේ Washington හිදී පැවැත්විණ.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් ඒ සඳහා එක්ව දේශනයක් පැවැත්වීය. ඇමරිකාවේ  චීන තානාපති Xie Feng මහතා, ආර්ථික, කලා ,මාධ්‍ය ,විශ්වවිද්‍යාල හා සිසුන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවල නියෝජිතයෝ 200 කට අධික පිරිසක් එම වැඩසටහනට සහභාගී වූහ.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය මෙම වසරේ සනිටුහන් කෙරෙන බව Shen Haixiong මහතා පැවසීය.එම ඉතිහාසයෙන් බුද්ධිය හා ශක්තිය ඉගෙන ගෙන වත්මන් නොසන්සුන් ලෝකයේ අභියෝගයන්ට එක්ව මුහුණ දිය යුතුය.

ජාත්‍යන්තර විවිධ පාර්ශ්ව සමග එක්ව සහයෝගතා පුළුල් කර ආධිපත්‍යයට විරුද්ධ වීම, යුක්තිය සහතික කිරීම මෙන්ම නිවැරදි මාවත අනුගමනය කිරීමේ චීනයේ හඬ ඉදිරිපත් කිරීමට චීන මාධ්‍ය සමූහය  කැමැතෙන් සිටී.එමෙන්ම එක්සත්ව අභියෝගවලට මුහුණ දී සංවර්ධනය සඳහන් සහයෝගයෙන් කටයුතු කිරීමට චීන මාධ්‍ය සමූහය අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී චීන මාධ්‍ය සමූහයේ වාර්තා චිත්‍රපට වැඩසටහනක් ද ප්‍රදර්ශනය කෙරිණ. එමෙන්ම චීනයේ හා ඇමරිකානු කලාශීල්පින් 20 දෙනෙකුගේ සිතුවම් නිර්මාණ රැසක් එහිදී ප්‍රදර්ශනය කෙරිණ.The Washington Daily News ඇතුළු ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන සියයක පමණ එම වැඩසටහන් වාර්තා කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here