28.7 C
Colombo
Monday, October 6, 2025

චීන මාධ්‍ය සමූහයේ අනුස්මරණ උත්සවය වාර්තාකරණය සාර්ථකයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරයේ අනුස්මරණ උත්සවය ඊයේ(3) බෙයිජිංහි ටියන්අන්මෙන් චතුරශ්‍රයේදී පැවැත්විණ. උත්සවයේ ගෝලීය සජීව විකාශනය සිදු කළ රූපවාහිනී මාධ්‍ය ලෙස, චීන මාධ්‍ය සමූහයේ සජීව විකාශන කණ්ඩායම ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා  අපූර්වත් ශ්‍රව්‍ය දෘශ්‍ය මංගල්‍යයක් ඉදිරිපත් කළේය.

අනුස්මරණ උත්සවයේ සජීව විකාශනය, ශබ්ද පද්ධති සහාය, සංස්කෘතික ප්‍රසංගය සහ සමකාලීන පරිවර්තනය යන කාර්යයන් සඳහා 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් යොදවා තිබිණ.

මෙම සජීව විකාශනය සඳහා චීන මාධ්‍ය සමූහය පෙර නොවූ විරූ ලෙස නව්‍ය කැමරා දර්ශන සහ විශේෂිත උපකරණ පුළුල් ලෙස භාවිත කර ඇත. උසස් මට්ටටේ පැහැදිලි දර්ශන, විචිත්‍රවත් විස්තර, උසස් ගුණාත්මක රූප, සුමට විකාශනය සහ නිවැරදි විස්තර විචාරය හේතුවෙන් අනුස්මරණ උත්සවයේ සජීව විකාශනය සම්භාව්‍යය ඉදිරිපත් කිරීමක් බවට පත් විය.

අනතුරුව චීන මාධ්‍ය සමූහය භාෂා 85 කින් අනුස්මරණ උත්සවයේ ගෝලීය වාර්තාකරණය සිදු කිරීම ද විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here