මෙම වසරට ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය යෙදේ. අද (30) පෙරවරුවේ බෙයිජිං අගනුවර පිහිටි Tian’anmen චතුරශ්‍රයේදී චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහිදී ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ චීන මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූහ.
එම අවස්ථාවේදී උත්සවයට එක්වූවෝ චීන ජාතික ගීතය ගායනා කළ අතර චීන මහජන විමුක්ති මෙහෙයුමේදී හා චීන මහජන සමූහාණ්ඩුව ගොඩනැගීමේ දී ජීවිත පුද කළ විරුවන් සිහි කරමින් නිෂ්ශබ්දතාවයක ද නිරත වූහ.