26 C
Colombo
Friday, August 22, 2025

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති හා තායිලන්ත ජාතික සභාවේ සභාපති අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති Wang Huning මහතා තායිලන්ත ජාතික සභාවේ සභාපති, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කථානායක Wan Muhamad Noor Matha මහතා හමු වේ. එම හමුව ඊයේ(22) බෙයිජිංහිදී සිදුවිය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම අවස්ථාවක් ලෙස ගෙන, “චීනය සහ තායිලන්තය එකම පවුලක්” යන සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්වා ගනිමින් පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාවේ දේශපාලන, ආර්ථික සහ ජනමත පදනම තහවුරු කිරීමටත් දෙරටේ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දීමටත් තායිලන්තය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Huning මහතා එහිදී පැවසීය. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව දෙරට අතර සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු කීය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය මුලපිරුම් මාලාවට තායිලන්තයේ සහාය හිමි වන බවත්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ඒකාබද්ධව සංවර්ධනය කරමින් ආර්ථික, වෙළඳාම සහ සංචාරක කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට තම රට කැමැත්තෙන් සිටින බවත් තායිලන්ත ජාතික සභාවේ සභාපතිවරයා පැවසීය. මෙම වසර තායිලන්තය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සනිටුහන් කරයි. දෙරටේ පොදු සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට තායිලන්ත ජාතික සභාව කැමැත්තෙන් සිටින බව ද ඔහු අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here