28 C
Colombo
Sunday, August 24, 2025

චීන-පේරු සහයෝගීතාවයේ සංකේතයක් වන Chancay වරායේ භාණ්ඩ ප්‍රවාහන වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2024 නොවැම්බර් මාසයේදී පේරු රාජ්‍යයේ Chancay වරාය නිල වශයෙන් විවෘත කිරීමෙන් පසුව, එම වරාය හරහා සිදු කෙරුණු භාණ්ඩ ආනයන සහ අපනයනවල වටිනාකම ඇ.ඩො. මිලියන 292 ඉක්මවා ගොස් ඇත. ඒ පේරු ජාතික රේගු සහ බදු පරිපාලනය ඊයේ(17) පළ කළ නවතම සංඛ්‍යාලේඛනයට අනුව ය.

ඉංජි‍නේරු යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, මෝටර් රථ සහ ඉරිඟු, යනාදි ආනයන භාණ්ඩවල වටිනාකම ඇ.ඩො. මිලියන 140 ඉක්මවා ගොස් ඇත. ප්‍රධාන වශයෙන් බ්ලූබෙරි, අලිගැටපේර, ෆාම් තෙල්, මිදි යනාදි භාණ්ඩ චීනය, මෙක්සිකෝව, ඇමරිකාව යන රටවලට අපනයනය කර ඇත. එහි වටිනාකම ඇ.ඩො. මිලියන 139ට අධිකය. එහි රේගු ව්‍යාපාරික කටයුතු වරායට සෘජුවම සම්බන්ධ වී තිබෙන නිසා, ව්‍යාපාරවල භාණ්ඩ ප්‍රවාහන පිරිවැය සහ රේගු නිෂ්කාශන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

පේරු හි අගනුවර වන ලීමා නුවරට උතුරින් Chancay බොක්කෙහි පිහිටා ඇති Chancay වරාය, චීනය සහ පේරු රාජ්‍යය එක්ව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඔස්සේ ඉදි කළ ඉතා වැදගත් ව්‍යාපෘතියකි. එය දකුණු ඇමරිකාවේ පළමු සුහුරු වරාය වන අතර චීනය සහ පේරු රාජ්‍යය අතර පොදු ජයග්‍රාහී සහයෝගීතාවයේ සංකේතයක් ලෙස ද පොදුවේ පිළිගැනේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here