චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා සහ නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය Dick Schoof මහතා අතර දුරකථන සංවාදයක් ඊයේ(27) පස්වරුවේ පැවැත්විණ.
මෑත වසරවල චීනය හා නෙදර්ලන්තය අතර සබඳතා ස්ථාවර හා වේගවත් වර්ධනයක පවතින අතර දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සයෝගිතා අඛණ්ඩව පුළුල් වී තිබෙන බවත් එය දෙරටේ ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දී තිබෙන බවත් Li Qiang මහතා එහිදී පෙන්වා දුන්නේය. ද්විපාර්ශ්වික සබඳතා සංවර්ධනයට ස්ථීර සහතිකයක් ලබා දීම සඳහා උසස් මට්ටමේ සබඳතා හා හුවමාරු පවත්වා, සංවාද හා සන්නිවේදන ශක්තිමත් කොට දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව තහවුරු කිරීම සඳහා නෙදර්ලන්තය සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ගෝලීය කටයුතුවලදී චීනය වැඩි වැඩියෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර නෙදර්ලන්ත-චීන සබඳතා නෙදර්ලන්තයට ඉතා වැදගත් වන බව Dick Schoof මහතා එහිදී සඳහන් කළේය. නෙදර්ලන්ත රජය එකම චීනය ප්‍රතිපත්තියට තදින්ම අනුගත වන අතර සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය චීන මහජන සමූහාණ්ඩුව බව හෙතෙම අවධාරණය කළේය. දෙපාර්ශ්වය ආර්ථික හා වෙළඳ යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කොට දෙරටේ සබඳතා වර්ධනය ප්‍රවර්ධනය කරනු ඇතැයි නෙදර්ලන්තය අපේක්ෂා කරන බව ද නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.