26.7 C
Colombo
Wednesday, February 25, 2026

චීන නාවික හමුදාවේ බලවත් වීමත් සමග ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වඩාත් ශක්තිමත් ව තහවුරු කෙරේ–චීන මහා ගොඩබිම

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මහජන නාවික හමුදාවේ බලවත් වීමත් සමග ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වඩාත් ශක්තිමත් ව තහවුරු කෙරෙන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය පවසයි.

ඇය එ‍සේ පැවසුවේ අද(19) බෙයිජිංහි පැවති දෛනික මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෑතකදී, චීනයේ පළමු වර්ගයේ 076 නාවික-ගොඩබිම් උභයචාරී ප්‍රහාරක නෞකාව වන Sichuan නෞකාවේ මංගල මුහුදු අත්හදා බැලීම සම්පූර්ණ කර ඇති බව එම වාර්තාකරුවා සඳහන් කළේය. එම නෞකාවේ ‘ප්‍රහාරාත්මක හැකියාව’ Shandong සහ Liaoning නෞකාවලට වඩා වැඩි බව තායිවාන දූපතේ ඇතැම් හමුදා විශේෂඥයින‍් ගේ අදහස වී තිබේ. මේ පිළිබඳව මහා ‍ගොඩබිමේ අදහස කුමක් දැයි වාර්තාකරුවා විමසීය.

Sichuan නෞකාව චීන නාවික හමුදාවේ නව පරම්පරාවේ උභයචාරී ප්‍රහාරක නෞකාවකි. ඊට නව විද්‍යුත් චුම්භක කැටපෝල්ට් සහ බාධාකිරීමේ තාක්ෂණයන් යොදා ගෙන ඇත. එමගින් ස්ථාවර පියාපත් සහිත ගුවන් යානා, හෙලිකොප්ටර්, උභයචාරී උපකරණ යනාදිය රැගෙන යා හැකි බව ද Zhu Fenglian මහත්මිය සඳහන් ක‍ළාය.

වඩ වඩාත් බලවත් වන මහජන නාවික හමුදාව සමග වඩාත් ඵලදායී ලෙස ජාතික ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ චීන ජාතියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බව ද ඇය ප්‍රකාශ  කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here