26.7 C
Colombo
Sunday, August 24, 2025

චීන ජාතික සංවර්ධනය ඉහළ නංවන“රන් ත්‍රිකෝණය”

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සොබා දහමෙහි ස්ථාවරම ව්‍යූහය වන්නේ ත්‍රි‍කෝණයයි. චීන ජාතික සංවර්ධන උපාය මාර්ග පද්ධතිය තුළ“රන් ත්‍රිකෝණය”නමින් හැඳින්වෙන උපාය මාර්ගය කැපී පෙනේ. අධ්‍යාපනය, විද්‍යා තාක්ෂණය හා ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් එම“රන් ත්‍රිකෝණය”චීනයේ ක්‍රියාත්මක නවීණකරණ ක්‍රියාවලිය‍ සඳහා ප්‍රබල රුකුලකි.අධ්‍යාපනය, විද්‍යා තාක්ෂණය හා ප්‍රවීණයන් කෙරෙහි චීනයේ වැඩි අවධානයක් යොමු වූයේ බොහෝ කලක සිට ය. 1995 වසරේ පාලක චීන කොමියුනිස්ට් පක්ෂය විද්‍යා තාක්ෂණය හා අධ්‍යාපනය මගින් රට සවිබලගැන්වීමේ උපාය මාර්ගය ප්‍රථම වරට ඉදිරිපත් කළේ ය. 2002 වසරේ ප්‍රවීණයන් මගින් රට සවිබලගැන්වීමේ උපාය මාර්ගය ඉදිරිපත් කෙරිණ. ඉන් අනතුරුව එනම් 2012 වසරේ චීනය විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය මගින් සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ උපාය මාර්ගය ක්‍රියාවට නැංවීය. චීනය“රන් ත්‍රිකෝණය”උපාය මාර්ගය එළි දැක්වූයේ 2022 වසරේදී ය. එම වසරේ පැවති චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේදී චීන කොමියුනිස්ට්  පක්ෂ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ නව යුගයේ අධ්‍යාපනය, විද්‍යා තාක්ෂණය හා ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත්“රන් ත්‍රිකෝණය”උපාය මාර්ගය රටේ නවීණත්වය සඳහා ප්‍රබල උපාය මාර්ගික අඩිතාලමක්  බවයි.

“රන් ත්‍රිකෝණය”උපාය මාර්ගය තියුණු ජාත්‍යන්තර තරගකාරීත්වයට මනා පිළියමක් පමණක් නොව චීන ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අනිවාර්ය තේරීමකි. එම උපාය මාර්ගය තුළ අධ්‍යාපනය රටේ සංවර්ධන අඩිතාලමක් සේ සැලකේ. ප්‍රවීණයන් බිහි වන්නේ අධ්‍යාපනය තුළින් ය. ප්‍රවීණයන්ගේ දායකත්වය හේතුවෙන් විද්‍යා තාක්ෂණය වඩාත් දියුණු මට්ටමකට වර්ධනය වේ. ප්‍රවීණයන් සිටින බැවින් අධ්‍යාපනය හා විද්‍යා තාක්ෂණය අතර යහපත් චක්‍රයක් පවතී. එසේ ම විද්‍යා තාක්ෂණය රටේ ආර්ථික වර්ධනය සඳහා වන ප්‍රබල එන්ජිමකි. විද්‍යා තාක්ෂණය දියුණු වීමත් සමග රටේ අධ්‍යාපන පද්ධතිය ද නවීකරණය  වේ.

නව යුගයේ චීනයේ ක්‍රියාත්මක“රන් ත්‍රිකෝණය”උපාය මාර්ගය මගින් චීනයට පමණක් නොව ‍ලෝකයට ද විස්මිත ජවයක් එක් වී තිබේ. කඳුකර ප්‍රදේශයක ඉගෙනුම ලබන සිසුන්ට හෝ වේවා පරීක්ෂණාගාරයේ සිටින විද්‍යා පර්යේෂකයන්ට හෝ වේවා නිෂ්පාදන ක්‍රියාවලියේ නියුතු කම්කරුවන්ට හෝ‍ වේවා වේදිකාවේ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට හෝ වේවා මෙම “රන් ත්‍රිකෝණය”උපාය මාර්ගය තුළින් තමන්ට හිමි ස්ථාන සොයා ගත හැකි ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here