චීන ජාතික ව්‍යවසාය ප්‍රාග්ධන මාර්ගෝපදේශ අරමුදල ස්ථාපිත කෙරේ. චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරියෙකු අද (26) පැවති මාධ්‍ය හමුවකදී අදාළ තොරතුරු විස්තර කළේ ය.
අද නිල වශයෙන් ස්ථාපිත කරන ලද එම අරමුදල සඳහා රජයේ අරමුදල්හී ප්‍රමුඛත්වය හිමිවෙයි. පළාත් පාලන ආයතන, රජය සතු ව්‍යවසායන්, මූල්‍ය ආයතන සහ පෞද්ගලික ප්‍රාග්ධන ඇතුළු විවිධ පාර්ශ්වයන් ද එම අරමුදලට එක් වෙයි. එමගින් චීන යුවාන් ට්‍රිලියනයක අරමුදල් එක්රැස් වනු ඇත. නවමු ක්ෂේත්‍රයන්හි තීරණාත්මක නවෝත්පාදන තාක්ෂණ කෙරෙහි ව්‍යවසායන් පෙළඹවීම වෙනුවෙන් ජාතික ව්‍යවසාය ප්‍රාග්ධන මාර්ගෝපදේශ අරමුදල මූල්‍යමය සහාය ලබා දෙනු ඇත. එම අරමුදල වසර 20ක කාලසීමාවක් සහිතව සකසා ඇති අතර ව්‍යවසායන්හි සංවර්ධනය වෙනුවෙන් දිගුකාලීන ප්‍රාග්ධන සහායක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

