27.9 C
Colombo
Monday, August 25, 2025

චීන ජාතික මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වෙනි ජාතික කමිටුවේ ස්ථාවර කමිටු 10 වන සැසිවාරය අවසන්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජාතික මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වෙනි ජාතික කමිටුවේ  ස්ථාවර කමිටු 10 වන  සැසිවාරය බෙයිජිංහිදී නිමාවට පත්වෙයි.එය ඊයේ (2) අවසන් විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික ,චීන ජාතික මහජන දේශපාලන උපදේශක සභාවේ සභාපති වං හුනින් මහතා අවසන් රැස්වීමේ මුලසුන දරමින් දේශනයක් සිදු කළේය.

චීන ජාතික මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව පක්ෂයේ හා රටේ මධ්‍යම කාර්යයන් වෙත අවධානය යොමු කරමින් සිය කාර්යයන්හී නව ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයි හෙතෙම පැවසීය.මෙම වසර තුළදීත් නව දායකත්වයන් ලබා දෙමින් 14 වෙනි පස් අවුරුදු සැලසුම් කාලයේ ඉලක්ක ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව සපුරා ගැනීමට ක්‍රියා කරන ලෙසට හෙතෙම චීන ජාතික මහජන දේශපාලන උපදේශක සභාවෙන් ඉල්ලීමක් කළේය.සිය ජාතික කමිටුවේ තුන් වන සැසිවාරය සාර්ථකව කැඳවීමට පියවර ගත යුතු බවද වං හුනින් මහතා අවධාරණය කළේ ය.

වාර්ෂික රැස්වීමේ ‍ න්‍යාය පත්‍ර කෙටුම්පත ,කාල සටහන, කාර්ය වාර්තාව, දෙවන සැසිවාරයේ සිට දේශපාලන උපදේශකයන්ගේ යෝජනා හැසිරවූ ආකාරය පිළිබඳ වාර්තාවක් ඇතුළු ලියවිලි කිහිපයක් ද රැස්වීමේ දී අනුමත කෙරිණ.මෙම ලියවිලි සමාලෝචනය සඳහා  චීන ජාතික මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වෙනි ජාතික කමිටුවේ තුන්වන සැසිවාරයට ඉදිරිපත් කෙරෙනු ඇත.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here