26.7 C
Colombo
Saturday, April 11, 2026

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය ඇරඹේ. ඒ අද(05) පෙරවරු 09:00ට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රමුඛ පක්ෂ හා රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.දින 08ක් පුරා චීනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විවිධ ජනවාර්ගික හා ඒ ඒ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෝ 2700කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිති. එහිදී චීන අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය කාර්ය වාර්තාව අධීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. ‘15 වන පස් අවුරුදු සැලසුම් කෙටුම්පත’ පරීක්ෂා කිරීම, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජෛව පරිසර කෙටුම්පත’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජනවාර්ගික සමගිය හා ප්‍රගතිය තහවුරු කිරීමේ කෙටුම්පත’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන සැලසුම් කෙටුම්පත’ අධීක්ෂණය කරමින් සාකච්ඡා කිරීම, මහජන ශ්‍රේඨාධිකරණය හා උත්තරීතර මහජන නීති නියාමනායතනයේ කාර්ය වාර්තා අධීක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, 2026 වසරේ ජාතික ආර්ථික හා සමාජීය සංවර්ධන සැලසුම් කෙටුම්පත පරීක්ෂා කිරීම ඇතුළු කාර්යයන් එහිදී සිදු කිරීමට ද අපේක්ෂා කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here