26.1 C
Colombo
Thursday, August 21, 2025

චීන ජනාධිපතිවරයා හා එක්සත් රුසියා පක්ෂයේ සභාපතිවරයා අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්සත් රුසියා (United Russia ) පක්ෂයේ සභාපති Dmitry Anatolyevich Medvedev  මහතා හමු වෙයි. එම හමුව  බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවැත්විණ.

ගෙවුණු වසර 75 තුළ චීනය හා රුසියාව අත්වැල් බැඳගෙන අන්‍යෝන්‍ය ගරුත්වය හා සහයෝගිතාව මත ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතා ගොඩ නගා ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. රුසියාව සමග එක්ව වඩාත් උපාය මාර්ගික වශයෙන් සම්බන්ධ වෙමින් දෙරටට හා දෙරටේ ජනතාවට සෙත සැලසීමට චීනය කැමැත්තෙන් සිටී. එමෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය, ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ චීනය හා රුසියාව සම්බන්ධීකරණ හා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂය සහ එක්සත් රුසියා පක්ෂය අතර සම්බන්ධතා ස්ථාපිත වී වසර 20කට වැඩි කාලයක් ගතවී තිබේ. එම කාලයේ දෙපාර්ශ්වය ඉහළ මට්ටමින් හුවමාරු පවත්වාගෙන යමින් චීන-රුසියානු දේශපාලන හා උපාය මාර්ගික විශ්වාසය අඛණ්ඩව තහවුරු කර තිබේ. ඉදිරියේදී පක්ෂ දෙක වඩාත් සමීප සම්බන්ධතාවක් හා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here