චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (23) පෙරවරුවේ හබෙයි පළාතේ Xiong’an නව කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එම කලාපයේ සංවර්ධනය නිරීක්ෂණය කරමින්, හෙතෙම චීන Huaneng සමාගම සහ බෙයිජිං අංක 4 උසස් පාසලේ Xiong’an ශාඛාව නැරඹීමට ගියේය.
ජනාධිපතිවරයා එම කලාපයේ සමාගම් හා ආයතනවල සේවකයින්ගේ සුවදුක් විමසා ඇත.

