28.2 C
Colombo
Friday, August 22, 2025

චීන ජනපති 11වැනි පන්චන් ලාමා හමුවෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(6) බෙයිජිං හිදී, 11වැනි පන්චන් ලාමා Qoigyi Gyaibo හිමි හමුවිය.

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, පන්චන් ලාමාතුමා ටිබෙට් බුද්ධාගම පිළිබඳ රටට මෙන්ම ආගමට ආදරය කිරීමේ තේජාන්විත සම්ප්‍රදාය උරුම කර ගනිමින්, මාතෘ භූමියේ එකමුතුකම සහ ජාතික සමගිය ස්ථිරව ආරක්ෂා කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි. 10 වන පන්චන් ලාමාතුමා ආදර්ශයක් ලෙස ගනිමින්, ජාතියේ එකමුතුකම, ආගමික සහජීවනය, Xizang ස්වායත්තයේ ස්ථාවරය, සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා, වැඩි දායකත්වයක් ලබා දීමට ෂී ජින් පිං මහතා Qoigyi Gyaibo හිමි දිරිමත් කළේ ය.

ෂී ජින් පිං මහතා‍ගේ උපදෙස් තමා සිහිතබා ගන්නා බව Qoigyi Gyaibo හිමි පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට තමා ස්ථිරව සහාය දෙන අතර, මාතෘ භූමියේ එකමුතුකම සහ ජාතික සමගිය ස්ථිරව ආරක්ෂා කරන බව 11 වන පන්චන් ලාමාතුමා එහිදී සහතික විය. ජාතික සමගිය සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමට, රටේ ආගම් ක්‍රමානුකූලව චීනයට අනන්‍ය ආකාරයෙන් ඉදිරියට ගෙන යාමට මෙන්ම, Xizang ස්වායත්තයේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමට ද, තමා දායකත්වයන් ලබා දෙන බව, ලාමාතුමන් එහිදී කියා සිටියේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here