26.7 C
Colombo
Sunday, August 24, 2025

චීන ජනපති හා රුසියානු ජනපති අතර දුරකථන සාකච්ඡාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ලද ආරාධනයකට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා සමග ඊය‍ේ(24) පස්වරුවේ දුරකථන සාකච්ඡාවක නිරත විය.

චීන-රුසියා සබඳතාවට ආවේණික වූ ශක්තිමත් ගාමක බලයක් සහ සුවිශේෂී උපායමාර්ගික වටිනාකමක් ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එම සබඳතාව තෙවන පාර්ශ්වයක් ඉලක්ක කර නොගන්නා අතර කිසිදු තෙවන පාර්ශ්වයකින් ඊ‍ට බලපෑමක් එල්ල නොවන බව ද ඔහු කීය. චීනයේ සහ රුසියාවේ සංවර්ධන උපාය මාර්ග සහ විදේශ ප්‍රතිපත්ති දිගුකාලීන ඒවාය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන-රුසියා සබඳතාව සුමටව ඉදිරියට යන අතර, එකිනෙකාගේ සංවර්ධනයට සහ පුනර්ජීවනයට සහාය වනු ඇත. මේ තුළින් ජාත්‍යන්තර සබඳතාවලට ස්ථාවරත්වය සහ ධනාත්මක ශක්තිය එකතු කරනු ඇති බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

චීනය සමඟ සබඳතාව වර්ධනය කර ගැනීම දිගුකාලීන ඉදිරි දැක්මකින් යුතුව රුසියාව සිදු කර ඇති උපායමාර්ගික තේරීමක් බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා එම අවස්ථාවේදී පැවසීය. වත්මන් තත්ත්වය යටතේ, රුසියාව සහ චීනය සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යාම, නව යුගයේ දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරිත්වයේ ආත්මයට අනුකූල වේ. ජාත්‍යන්තර කටයුතුවලදී රුසියාව සහ චීනය ස්ථාවර කාර්යභාරයක් ඉටු කිරීම පිළිබඳ ධනාත්මක සංඥාවක් ද  මෙයින් නිකුත් කෙරේ.

අනතුරුව රුසියාව සහ ඇමරිකාව අතර පැවති අදහස් හුවමාරු සහ යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය හඳුන්වා දුන් පුටින් මහතා, රුසියානු-යුක්‍රේන ගැටුමේ මූලික සාධක ඉවත් කර, තිරසර සාම සැලැස්මකට ළඟා වීමෙහි තම රට නියැළී සිටින බව ද පැවසීය.

යුක්‍රේන අර්බුදය උත්සන්න වීමේ ආරම්භයේදීම, අර්බුදය විසඳීම සඳහා “කළ යුතු හතර” යන මූලධර්මය ඇතුළු මූලික ස්ථාවරයන් තමා ඉදිරිපත් කළ බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. යුක්‍රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමට අවශ්‍ය නිසි වාතාවරණය සහ කොන්දේසි නිර්මාණය කිරීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී, චීනය හා බ්‍රසීලය ඇතුළු ගෝලීය දකුණේ රටවල ප්‍රධානත්වයෙන්, යුක්‍රේන අර්බුදය පිළිබඳ “සාම මිතුරන්” කණ්ඩායම පිහිටුවිණ. අර්බුදය විසඳීමට රුසියාව ඇතුළු අදාළ පාර්ශ්ව සක්‍රීය උත්සාහයන් දරමින් සිටිනු දැකීම චීනයට සතුටක් බව ද ෂී ජින්පිං මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here