චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ Peng Liyuan ආර්යාව ඇමරිකාවේ වොෂින්ටන් ජනපදයේ මධ්‍යම පාසල් ගුරුවරුන් සහ ශිෂ්‍ය නියෝජිතයින්ට අලුත් අවුරුදු ප්‍රති සුබපැතුම් කාඩ් පතක් යොමු කරති.
2025 වසර ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා ප්‍රතිරෝධය පිළිබඳ යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුධ ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සනිටුහන් කෙරේ. දෙවන ලෝක යුධ සමයේදී චීනය සහ ඇමරිකාව එක්ව සාමය සහ යුක්තිය වෙනුවෙන් සටන් කළ බව එම කාඩ් පතේ සඳහන් වෙයි.
‘ඉදිරි වසර 5 තුළ ඇමරිකානු තරුණයන් 5000ක පිරිසකට චීනයට පැමිණ චීන යොවුන් ප්‍රජාව සමග හුවමාරු වැඩසටහන් සඳහා ඇරයුම් කිරීම’යන යෝජනාවට ක්‍රියාකාරීව එක් වෙමින්, චීන-ඇමරිකා සබඳතාව සහ ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ Peng Liyuan ආර්යාව එම කාඩ්පතේ කියාසිටිති.
වොෂින්ටන් ජනපදයේ ඇමරිකා-චීන තරුණ ශිෂ්‍ය හුවමාරු සංගමයේ නියෝජිතයෝ සහ චීනයේ විශේෂ හුවමාරු වැඩසටහනකට සහභාගී වූ වොෂින්ටන් හි මධ්‍ය විද්‍යාල දෙකක ගුරුවරු සහ ශිෂ්‍ය නියෝජතයෝ මීට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඔහුගේ ආර්යාව වෙත නව අවුරුදු සුබ පැතුම් කඩ් පතක් යොමු කළහ. 100 කට අධික ගුරුවරුන් සහ සිසුන් එම කාඩ් පතේදී අත්සන් කර ඇත. ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා ප්‍රතිරෝධය පිළිබඳ යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුධ ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සැමරීම මෙන් ම අලුත් අවුරුද්ද, ලෝක සාමය, චීන-ඇමරිකා මිත්‍රත්වය පිළිබඳ සුබ පැතුම් එම ඇමරිකානු ගුරුවරුන් හා සිසුන් චීන භාෂාවෙන් එහි සඳහන් කර ඇත.