චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (12) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ස්පාඤ්ඤයේ හයවන Felipe රජු හමු විය. නිල සංචාරයක් සඳහා Felipe රජු චීනයට පැමිණ සිටී.
චීන-ස්පාඤ්ඤ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 20වැනි සංවත්සරය නිමිත්තෙන් Felipe රජු චීනයේ නිල සංචාරයක නිරත වීම, දෙරටේ මිත්‍ර සහයෝගිතාවයේ අඛණ්ඩ වර්ධනය ප්‍රවර්ධනය සඳහා වැඩි අර්ථාන්විත බවක් එක් කර ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය.
ස්පාඤ්ඤය සමඟ සාම්ප්‍රදායික මිතුදම පවත්වා ගැනීම වැදගත් කොට සලකන චීනය, වඩා විශාල ජාත්‍යන්තර බලපෑම් සහිත විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනැගීම සඳහා ස්පාඤ්ඤය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය සහාය වැඩිදුරටත් තහවුරු කොට ප්‍රායෝගික සහයෝගිතා අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
නිදහස් වෙළඳාමේ රෙගුලාසි සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය ආරක්ෂා කොට වඩා සාධාරණ හා යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීමටත්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනයටත් ස්පාඤ්ඤය සමඟ එක්ව ක්‍රියා කිරීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපතිවරයා කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් Felipe රජතුමා සඳහන් කළේ, ස්පාඤ්ඤය සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු, දෙරට සැමවිටම එකිනෙකා කෙරෙහි විශ්වාසය හා ගරුත්වය තබා ඇති අතරම, පොදු සංවර්ධනය හා සමෘද්ධිය සඳහා ද කැපවී සිටින බව ය.
එකම චීනය ප්‍රතිපත්තිය තරයේම අනුගමනය කරන ස්පාඤ්ඤය, ආර්ථික හා වෙළඳ, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ සහ හරිත බලශක්ති සම්පත් යනාදී විවිධ ක්ෂේත්රයන් හි සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය. එමෙන්ම Felipe රජතුමා, ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර ඉහළින් අගය කරමින් ගෝලීය ආර්ථිකයේ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
මෙම හමුවෙන් අනතුරුව, රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ, ආර්ථික හා වෙළඳ, විද්‍යා හා තාක්ෂණික සහ අධ්‍යාපන යනාදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව සහයෝගිතා ලියවිලි 10ට අත්සන් තබා ඇත.

