චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයා වන Hassanal Bolkiah Muizzaddin Waddaulah මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඒ අද (06) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ය.
ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව Hassanal Bolkiah Muizzaddin Waddaulah මහතා පෙබරවාරි මස 05 වන දා සිට 07 වන දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වේ.