චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, චීන හා ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන 10ක ප්‍රධානීන්ගේ සංසදය සඳහා චීනයට පැමිණි එම ආරාධිතයින් හමු වෙයි. හමුව අද(10) උදෑසන බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන සමඟ එක්ව බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් ජාත්‍යන්තර සහයෝගිතා ප්‍රවර්ධනය කොට ගෝලීය දකුණේ රටවල සංවර්ධනයට සහාය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය. සමානාත්මතාවයෙන් යුතු විධිමත් ලෝක බහු ධ්‍රැවීකරණය සහ විශ්වීය ප්‍රතිලාභ හා සහභාගිත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කොට පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම චීනයේ අපේක්ෂාවයි.
මෙම වසරේ ආර්ථික වර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගෙන ලොව දැවැන්තම ආර්ථික වර්ධන එන්ජිම ලෙස සිය කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම පිළිබඳව චීනය පූර්ණ විශ්වාසය තබා ඇත. විවිධ රටවල සංවර්ධනය සඳහා තවත් නව අවස්ථා ලබා දෙමින් සංවර්ධනයේ වැඩි ලාභාංශ බෙදා ගැනීමට චීනය බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
ජගත් ආර්ථික සංවිධාන, ප්‍රතිසංස්කරණයට සක්‍රීය ලෙස එක් වෙමින් වඩා සාධාරණ හා යුක්ති සහගත ගෝලීය ආර්ථික පාලන පද්ධතියක් නිර්මාණය කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.