25.6 C
Colombo
Wednesday, February 25, 2026

චීන ජනපති සහ තායිලන්ත රජු අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින තායිලන්තයේ Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhua රජු හමු වෙයි. හමුව අද(14) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී සිදුවිය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු චීනයට පැමිණි පළමු තායි රජු  ලෙසට Vajiralongkorn රජු සිය පළමු ප්‍රධාන රාජ්‍ය සංචාරය ලෙස චීනය තෝරා ගැනීමෙන්, චීන-තායිලන්ත සබඳතාවලට ඔහු දක්වන ඉහළ වැදගත්කම සහ ‘චීනය සහ තායිලන්තය එකම පවුලක්’ යන ගැඹුරු මිත්‍රත්වය සම්පූර්ණයෙන්ම පෙන්නුම් කෙරෙන බව ෂී ජින් පිං මහතා පැවසීය.

මෙම වසර චීනය හා තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සහ‘චීන-තායිලන්ත මිත්‍රත්ව ස්වර්ණමය වසර 50’සනිටුහන් කරයි. Vajiraklaochaoyuhua රජු සමග එක්ව මීළඟ වසර 50 තුළ පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාවක් ගොඩනැංවීම තුළින් වඩාත් විශාල ප්‍රගතියක් අත් කර ගැනීමට අපේක්ෂා කරන  බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here