26.4 C
Colombo
Thursday, August 21, 2025

චීන ජනපති සහ කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර සාකච්ඡාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති හා සෙනෙට් සභාවේ සභාපති Samdech Hun Sen මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි. එය (3) දා බෙයිජිං අගනුවර පිහිටි ද්‍යාඕයුටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේදී සිදුවිය.

උසස් තත්ත්වයේඉහළ මට්ටමේ සහ ඉහළ ප්‍රමිතියකින් යුත් නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැගීම සඳහා කාම්බෝජය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේදී පැවසීය. දෙපාර්ශ්වයම එකිනෙකාට ස්ථිරව සහයෝගය දක්වමින්හුවමාරුව සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ගැඹුරු කළ යුතු අතර සහයෝගීතා අවස්ථා වඩාත් වැඩියෙන් සපයා දිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී වඩා විශාල කාර්යභාරයක් ඉටු කිරීම සඳහා කාම්බෝජයට සහාය දක්වන චීනය, ආසියාන් සංගමයේ ඒකීයකරණය සහ ප්‍රජා ගොඩනැගීම තරයේ ප්‍රවර්ධනය කිරීමට සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය.

කාම්බෝජයේ දේශපාලනආර්ථික හා සාමාජීය සංවර්ධනය සඳහා දිගුකාලීන වටිනා සහයෝගය හා ආධාර ලබා දූන් චීනයට කාම්බෝජය ස්තුතිය පළ කරන බව Hun Sen මහතා එහිදී පැවසීය. එකම චීනය යන මූලධර්මය දැඩි ලෙස පිළිපදින කාම්බෝජයචීනය සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය පුළුල් ලෙස ගැඹුරු කිරීමටත් විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමටත් කැමැත්තෙන් සිටින බව හෙතෙම සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here