චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලියොනින් පළාතේ Benxi නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි. එහිදී ඊයේ (23) පස්වරුවේ හෙතෙම Benxi වානේ කර්මාන්ත ශාලාවක නිරීක්ෂණයට ද එක්ව ඇත. එහි සමස්ත නිෂ්පාදන පාලන මධ්‍යස්ථානය හා විවිධ නිෂ්පාදන අංශ නිරීක්ෂණ කරමින් එම කර්මාන්ත ව්‍යුහය පරිවර්තනය කර උසස් මට්ටමකට ඉහළ නංවා ගැනීම, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කිරීම ආදිය පිළිබඳව ෂී ජින් පිං මහතා එහිදී සිය අවධානය යොමු කර තිබේ.