27.3 C
Colombo
Tuesday, August 26, 2025

චීන ජනපති මැලේසියාවේ නිල සංචාරය අරඹමින් ලිඛිත දේශනයක් පවත්වයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැලේසියාවේ නිල සංචාරය අරඹමින් Kuala Lumpur ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ලිඛිත දේශනයක් පවත්වයි. හෙතෙම අද(15) සවස Kuala Lumpur නගරයට ළඟා විය.

මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා‍‍ගේ ඇරයුමකට අනුව, යළිත් මැලේසියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සතුටු වන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. චීන රජය හා ජනතාව වෙනුවෙන් මැලේසියා රජය හා ජනතාවට ආචාර දක්වමින් සුභාශිංසනය පිරිනමන බවද  හෙතෙම ප්‍රකාශ කළේය.

2023 වසරේ හවුල් අනාගතයක් සහිත චීන – මැලේසියා ප්‍රජාව පොදුවේ ගොඩනැංවීම සම්බන්ධයෙන් දෙරට එකඟතාවන්ට එළඹූහ. පසුගිය වසරේ චීනය හා මැලේසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය ද සැමරිණ. දෙරට පොදු ප්‍රයත්න යටතේ මෙවර නිල සංචාරය පොහොසත් ප්‍රතිඵල අත් කර ගනු ඇති අතර දෙරට අතර මීළඟ ‘ස්වර්ණමය වසර 50’ ආරම්භ වනු ඇතැයි තමා දැඩි ලෙස විශ්වාසය පළ කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here