25.6 C
Colombo
Wednesday, February 25, 2026

චීන ජනපති චීන සංස්කෘතික අධ්‍යයන විදෙස් විශේෂඥයන්ගේ මෙහෙවර අගයයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විදේශීය තරුණ චීන සංස්කෘතික අධ්‍ය්‍යන විශේෂඥයන් පිරිසකට පිළිතුරු ලිපියක් යොමු කරයි.

චීන භාෂාව සහ සංස්කෘතිය කෙරෙහි එම 61 දෙනෙකුගෙන් සමන්විත තරුණ විශේෂඥයන් දක්වන ඇල්ම සහ චීන සංස්කෘතික පර්යේෂණ හා ශිෂ්ටාචාර හුවමාරුව වෙනුවෙන් ඔවුන් සිදු කරන මෙහෙවර තමා අගය කරන බව ෂී ජින් පිං මහතා මෑතකදී යොමු කළ එම ලිපියේ සඳහන් වෙයි.

චීන සංස්කෘතියේ  මූලාරම්භය චීනය වන නමුත් එය ලෝකයේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ පොදු ආධ්‍යාත්මික ධනයක් බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.  එම තරුණ විශේෂඥයන් අදාළ පර්යේෂණ තවදුරටත් පුළුල් කරමින් චීනය පිළිබඳ සැබෑ, බහුවිධ සහ පුළුල් චිත්‍රයක් ලෝකයට හඳුන්වා දෙනු ඇති බවත්,  පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට ප්‍රඥාව සහ ශක්තිය දායක කරනු ඇති බවත් ෂී ජින් පිං මහතා එම ලිපියෙන් අපේක්ෂා පළ කර ඇත.

2025 ලෝක චීන භාෂා සමුළුව හෙට (14) සිට 16 වැනිදා දක්වා බෙයිජිංහිදී පැවැත්වීමට නියමිතය. එම සමුළුවේ ආරාධිත රටවල් 51 ක තරුණ  චීන සංස්කෘතික විශේෂඥයන් 61 දෙනෙකු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවමින් තම චීනය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේ අත්දැකීම් සහ අවබෝධය බෙදා ගෙන ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here