26.4 C
Colombo
Monday, August 25, 2025

චීන ජනපති ගුයිචෞ පළාතේ නිරීක්ෂණ චාරිකාවක

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අග්නිදිග ගුයිචෞ පළාතේ මියාඕ සහ ඩොං ස්වයං පාලන ප්‍රදේශයේ ලිපිං කෝරළයේ ෂාඕසිං හි ඩොං ජාතික ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි. එහිදී ඊයේ(17) පස්වරුවේ හෙතෙම බිම් මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂ සංවිධාන සංවර්ධනය සහ සමාජ පාලනය ශක්තිමත් කිරීම, ජාතික සාම්ප්‍රදායික සංස්කෘතිය ආරක්ෂා කොට ඉදිරියට ගෙන යාම සහ ග්‍රාමීය සම්පූර්ණ පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම ආදිය පිළිබඳව විමසා බැලීය.

ෂාඕසිං හි ඩොං ජාතික ගම්මානය ස්ථාපිත කෙරුණේ ක්‍රි.ව. 986 දී ය. චීනයේ විශාලතම ඩොං ජාතික ගම්මානවලින් එකක් වන එම ගම්මානය, චීනයේ දර්ශනීය පුරාණ ගම්මානයක් ලෙසත් චීනයේ ප්‍රසිද්ධ ඓතිහාසික හා සංස්කෘතික ගම්මානයක් ලෙසත් ශ්‍රේණිගත කර ඇත. මෑත වසරවලදී, ෂාඕසිං හි ඩොං ජාතික ගම්මානය එහි වාස්තු සහ නිවාස ආරක්ෂා කිරීමට වැඩියෙන් උත්සාහ දරා ඇත. එසේම ගම්මානයේ ඩොං ජාතික ගායනා කණ්ඩායම් සහ ඩොං ඔපෙරා කණ්ඩායම් සංවිධාන කොට තිබෙන අතර ලුෂෙන්ග් උත්සවය වැනි ජාතික සංස්කෘතික උත්සව සංචාරක නිෂ්පාදන බවට පත් කර ප්‍රචලිත කිරීමෙන් ගම්වැසියන් 2000 කට වැඩි පිරිසකට රැකියා සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here