2026 නව වසරේ ඔපෙරා ප්‍රසංගයට චීන ජනපති ඇතුළු රජයේ ප්‍රධානීහූ එක් වෙති. ඊයේ (30) රාත්‍රී බෙයිජිං හි ජාතික මහා රඟහලේදී නව වසර පිළිගැනීම සඳහා පැවති එම ඔපෙරා ප්‍රංසගය සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං සහ අග්‍රාමාත්‍ය ලි ච්‍යං ඇතුළු රාජයේ ප්‍රධානීහූ විවිධ ක්ෂේත්රවල මහජන නියෝජිතයන් සමග එක් වූහ.
එහිදී ජ්‍යෙෂ්ඨ හා තරුණ ඔපෙරා කලාකරුවන් එක්ව සාම්ප්‍රදායික චීන ඔපෙරා සහ නව්‍ය ඔපෙරා නිර්මාණ රැසක් ඉදිරිපත් කර ඇත. චීන ඔපෙරා කලාවේ සමෘද්ධිමත් සංවර්ධනය මෙන් ම, ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ සංස්කෘතික චින්තනය යටතේ රට සංස්කෘතියෙන් හා කලාවෙන් පෝෂණය කිරීම වෙනුවෙන් සමස්ත චීන කලාකරුවන් උද්යෝගයෙන් කටයුතු කිරීම ඉන් පිළිබිඹු විය.

