චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං වේලාවෙන් හෙට (31) රාත්‍රී 7ට, චීන මාධ්‍ය සමූහය හා අන්තර්ජාලය මගින්, 2026 අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කරනු ඇත.
චීන මාධ්‍ය සමූහයට අයත් CCTV-1 නාලිකාව, ප්‍රවෘත්ති නාලිකාව, චීන භාෂා ජාත්‍යන්තර නාලිකාව, 4K නාලිකාව, CGTNහි සියලුම විදේශ භාෂා නාලිකා, චීන ජාතික ගුවන් විදුලිය(CNR), චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය(CRI) මෙන්ම, People’s Daily පුවත්පත, Xinhua පුවත් ඒජන්සිය, සහ CCTV පුවත් සේවය ඇතුළු ප්‍රධාන මාධ්‍යවලට අයත් වෙබ් අඩවි හා නව මාධ්‍ය වේදිකා හරහා, ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය සමගාමීව විකාශය කෙරෙනු ඇත.

