25.6 C
Colombo
Thursday, February 26, 2026

චීන කොමියුනිස්‍ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරීහූ සිය කාර්ය වාර්තා ඉදිරිපත් කරති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්‍ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරීහූ  සිය කාර්ය වාර්තා පක්ෂ මධ්‍යම කාරක සභාවට සහ එහි මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාට ඉදිරිපත් කරති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අදාළ රෙගුලාසීන්ට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයන් හා මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ ලේකම්වරුන්, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, චීන රාජ්‍ය මණ්ඩලය හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව යන ආයතනවල පක්ෂ සාමාජිකයන් සහ මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ හා උත්තරීතර මහජන සැපයුම් නියාමනායතනයේ පක්ෂ සාමාජික කණ්ඩායම් වල ලේකම්වරුන් එලෙස සිය 2024 වාර්ෂික රාජකාරි වාර්තා ඉදිරිපත් කර ඇත.

ෂී ජින් පිං මහතා එම වාර්තා කියවීමෙන් පසු අදාළ වැදගත් අවශ්‍යතාවන් දැක්වීය. තම යුතුකම් ඉටු කොට දුෂ්කරතා ජය ගත යුතු බවත්පක්ෂ මධ්‍යම කාරක සභාවේ සියලු තීරණ හා විධිවිධාන ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කළ යුතු බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. චීන මාදිලියේ නවීකරණය සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කරන නව ගමනේදී නව වගකීම් දරමින් නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම කියාසිටියේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here