චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද(27) සමුළුවක් පවත්වමින් ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය කමිටුවල රාජකාරී රෙගුලාසිය’ සමාලෝචනය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් ෂී ජින්පිං මහතා සමුළුවේ මුලසුන දැරීය.

