‘චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය සංවර්ධනය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ ප්‍රකාශයන්හි උපුටා ගැනීම්’ ඇතුළත් ග්‍රන්ථයේ චීන සුළු ජාතීන්ගේ භාෂා 5ක අනුවාද බෙදා හැරේ. ඒ මොංගෝලියානු, ටිබෙට්, උයිගුර්, කසක්, කොරියානු යන භාෂා අනුවාදයන් ය.
එම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඉතිහාස හා සාහිත්‍ය පර්යේෂණායතනය විසින් සංස්කරණය කර ඇත. එමෙන්ම චීන සුළු ජාතීන්ගේ භාෂා පරිවර්තන මධ්‍යස්ථානය අදාළ පරිවර්තනයන් සිදු කර ඇති අතර, ජාතික ප්‍රකාශන ආයතනය විසින් එය ප්‍රකාශයට පත් කරනු ලැබීය. දැනට එම ග්‍රන්ථය චීනය පුරා බෙදා හැර ඇත.

