“ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයේ දළ සටහනක් ”නැමැති ග්‍රන්ථය ඇසුරෙන් වැඩමුළුවක් ඊයේ (24) බෙයිජිං හිදී පැවැත්විණ. එම ග්‍රන්ථය ඉකුත් ජනවාරි 16වැනි දා සිට මුද්‍රණය කර චීනය පුරා බෙදා හැර තිබේ. වැඩමුළුවට එක්වූවන් ග්‍රන්ථය අධ්‍යයනය කිරීමෙන් තමන් ලද අවබෝධය අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගෙන ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධනය පිළිබඳ චීන ජනාධිපති, පක්ෂ මහලේකම් ෂී ජින් පිං මහතාගේ චින්තනය පිළිබඳව, එම ග්‍රන්ථය අධ්‍යනයෙන් පක්ෂ සාමාජිකයන්ට සහ රටේ නිලධාරීන්ට මඟපෙන්වීමක් ලබා දෙන බව ඔවුහු එහිදී කියා සිටියහ. සියවසකට වැඩි ඉතිහාසයක් හිමි චීන කොමියුනිස්ට් පක්ෂය ස්වයංවිප්ලවයක් මගින් පක්ෂයේ සහ රටේ සංවර්ධනය දැවැන්ත විපර්යාසයකට ලක් කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. එම අත්දැකීම් ලෝකයේ සෙසු දේශපාලන පක්ෂ වෙනුවෙන් මනා ආදර්ශයක් ලබා දී ඇත. එබැවින් ෂී ජින් පිං මහතාගේ චින්තනයෙන් සන්නද්ධ වී දෛනික කටයුතුවලදී එය නව ශක්තියක් ලෙස භාවිත කළ යුතු බව වැඩමුළුවට එක්වූවන් පෙන්වා දී තිබේ. මෙම ග්‍රන්ථය චීන මාදිලියේ නවීකරණ ක්‍රියාවලිය පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රබල ආධ්‍යාත්මික මඟපෙන්වීමක් බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.