26.4 C
Colombo
Thursday, August 21, 2025

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශ රැස්වීම චීන ජනපති ප්‍රධානත්වයෙන්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා‍‍ එම සභාවේ දේශපාලන කාර්යංශ රැස්වීමේ මුලසුන දරයි.

2025 වසරේ ආර්ථික කාර්ය විශ්ලේෂණ කිරීම හා පර්යේෂණය කිරීම,  එම සභාවේ විනය පරීක්ෂාව පිළිබඳ කොමිසම හා ජාතික අධීක්ෂණ කමිටුවේ කාර්ය වාර්තාවට සවන් දීම2025 වසරේ පිරිසිදු පාලනය හා දූෂණය තුරන් කිරීම පිළිබඳ පක්ෂයේ කාර්යයන් සකස් කිරීම අද(9) පැවති එම රැස්වීමේදී සිදු කර තිබේ.

මෙම වසර14 වැනි පස් අවුරුදු සැලැස්මේ ඉලක්ක සාක්ෂාත් කිරීමේ තීරණාත්මක වසරක් බව එම සමුළුවේදී ප්‍රකාශ කෙරිණ. මෙම වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රධාන ඉලක්ක යහපත් ලෙස සපුරා ගැනීමට හැකිව තිබේ. ලබන වසරේ චීන රජය වඩාත් සක්‍රීය සාර්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් පරිභෝජනය දිරිගැන්වීම හා ආයෝජන ප්‍රතිලාභ වර්ධනය වෙනුවෙන් පියවර ගනු ඇත. විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය මත නව ගුණාත්මක ඵලදායිතාව වර්ධනය කරමින් නවීකරණ කර්මාන්ත පද්ධතිය ගොඩනැගිය යුතු ය. ආර්ථික කාර්යයන් හී පක්ෂයේ නායකත්වය ශක්තිමත් කරමින් උසස් මට්ටමේ විවෘත භාවය පුළුල් කිරීමවිදේශ වෙළඳාම හා ආයෝජනය ස්ථීර ලෙස වර්ධනය කිරීම සිදු කරන බව ද එම සමුළුවේදී අවධාරණය කෙරිණ.

විනය පරීක්ෂණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තු දූෂණ විරෝධී පියවර දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර පූර්ණ ලෙසින් පක්ෂය විධිමත් ලෙස පාලනය කිරීමෙන් චීන මාදිලියේ නවීකරණයට ප්‍රබල සහතිකයක් සැපයෙන බව එහිදී අවධාරණය කෙරිණ.

මීට පෙර ෂී ජින්පිං මහහතාගේ ප්‍රධානත්වයෙන් පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු රැස්වී‍මේදී 2024 වසරේ මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂාව පිළිබඳ කොමිසම හා ජාතික අධීක්ෂණ කමිටුවේ කාර්ය තත්ත්වය සහ 20 වැනි විනය පරීක්ෂාව පිළිබඳ කොමිසමේ 4වැනි පූර්ණ සැසිවාරයේ සූදානම් තත්ත්වය අවධානයට ලක් කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 20 වැනි විනය පරීක්ෂාව පිළිබඳ කොමිසමේ 4 වැනි පූර්ණ සැසිවාරය ලබන වසරේ ජනවාරි මස 6 වනදා සිට 8 වනදා දක්වා පැවැත්වීමට එම රැස්වීමේදී එකඟතාව පළවිය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here