29 C
Colombo
Thursday, February 26, 2026

චීන උප ජනපතිවරයා ඔරිගන් ප්‍රාන්ත සෙනෙට් සභාවේ සභාපති හමුවෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන උප ජනාධිපති Han Zheng මහතා ඊයේ (21) බෙයිජිං හිදී ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්ත සෙනෙට් සභාවේ සභාපති රොබ් වැග්නර් මහතා හමුවිය.

අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී ප්‍රතිඵල මත එක්ව සහයෝගයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය නිවැරදි මාර්ගය සොයා ගැනීමේ දී දෙපාර්ශ්වයටම සහ ලෝකයටම එහි ප්‍රතිලාභ සැලසීම අරමුණු කරගනිමින්, ඇමරිකාව චීනය සමඟ කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව Han Zheng මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම දිගු කලක සිට චීනය සමඟ මිත්‍රශීලී සහයෝගී සබඳතා පවත්වා ගෙන යන ඔරිගන් ප්‍රාන්තය, චීන-ඇමෙරිකානු සහයෝගීතාව ප්‍රවර්ධනයේදී ද, තවදුරටත් අඛණ්ඩව ආදර්ශමත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද Zheng මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් වැග්නර් මහතා සඳහන් කළේ, දෙරටේ නායකයින් අතර මෙම වසර ආරම්භයේ සිට අවස්ථා කිහිපයක දී පැවැත් වූ දුරකථන සාකච්ඡාවන් හිදී දෙරටේ නායකයින් අතර වැදගත් එකඟතා මාලාවකට එළඹ ඇති බවයි.

ඒ සමඟින් දෙරටම පොදු අවශ්‍යතා සහ සහයෝගීතා අපේක්ෂාවන් පුළුල් ලෙස බෙදා ගන්නා බැවින්, චීනයට සහ ඇමරිකාවට හවුල්කරුවන් සහ මිතුරන් විය හැකි බව ඔහු එහිදී අවධාරණය කළේය.

මේ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ සාර්ථකත්වය පිළිබඳ සිය බලාපොරොත්තු පළ කළ රොබ් වැග්නර් මහතා, චීනය සමඟ මිත්‍රශීලී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔරිගන් ප්‍රාන්තය නව පනතක් සම්මත කර ඇති බව ද මෙහිදී පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here