චීන උප අග්‍රාමාත්‍ය හ ලී ෆෙං මහතා ස්විට්සර්ලන්තයේ හා ප්‍රංශයේ සංචාරයකට සූදානම් වන බව චීන විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි. ස්විස් රජයේ ආරාධනාවකට අනුව හෙතෙම ලබන 9 වෙනිදා සිට 12 වෙනිදා දක්වා මෙම සංචාරය සිදු කරනු ඇත.එහිදී ස්විට්සර්ලන්ත නායකයන් හා අදාළ පාර්ශ්ව සමග හෙතෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානියා ද වන හෙතෙම ස්විට්සර්ලන්තයේදී ඇමරිකා පාර්ශ්වයේ ප්‍රධානී එරට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මහතා සමග සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත. මැයි 12 වෙනිදා සිට 16 වෙනිදා දක්වා හෙතෙම ප්‍රංශයේ පැවැත්වෙන දසවන චීන – ප්‍රංශ ඉහළ පෙළේ ආර්ථික හා මූල්‍ය සංවාදයේ සම සභාපතිත්වය දරනු ඇත.