චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා ඊයේ(11) චීනයේ Chengdu නගරයේ පැවති දෙවැනි එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලෙහි විද්‍යා හා තාක්ෂණ හුවමාරු සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගි වී වැදගත් දේශනයක් සිදු කළේය.
ඒ ඒ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කරමින් චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ විද්‍යා තාක්ෂණ නවොත්පාදන සහයෝගිතා සැලසුම අඛණ්ඩව පවත්වා මෙම වැඩපිළිවෙළේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට ප්‍රබල ශක්තියක් ලබා දුන් බව Ding Xuexiang මහතා මහතා එහිදී ප්‍රකාශ කළේය.මේ සම්බන්ධයෙන් හෙතෙම යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කළේය. එනම්, විද්‍යා හා තාක්ෂණ නවොත්පාදනයේ විවෘතභාවය හා සහෝගිතා තවදුරටත් තහවුරු කළ යුතුය. විද්‍යා හා තාක්ෂණ ප්‍රතිඵල ඔස්සේ පොදු ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කළ යුතු ය. එමෙන්ම විද්‍යා හා තාක්ෂණ අංශය සම්බන්ධ මානව හුවමාරු ව්‍යාප්ත කළ යුතු බවත් ගෝලීය විද්‍යා හා තාක්ෂණ පරිපාලන පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.
ඊට අමතරව, ඉරාන උප ජනාධිපති Hossein Afshin මහතා, උස්බෙකිස්ථාන පළමු නියෝජ්‍ය අගමැති Ramatov Achilbay Jumaniyazovich මහතා සහ සර්බියානු ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක Marina Ragus මහත්මිය යන නායකයෝ සමාරම්භක උත්සවයට සහභාගී වී දේශන පැවැත්වූහ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තාක්ෂණය පිළිබඳ විශේෂ නියෝජිතවරයා වීඩියෝ ආකාරයෙන් එහිදී දේශනයක් සිදු කළේය.
දෙස් විදෙස් විද්‍යා හා තාක්ෂණික නියුක්තියන් , ව්‍යාපාරික නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් 1,500 ක පමණ පිරිසක් එම සමුළුවේ සමාරම්භක උත්සවයට ද සහභාගී වූහ.